කොහොමද DasCoin/Webwallet එක verify කරගන්නෙ???

හුග කාලෙකට පස්සෙ ආයෙත් වැදගත් කියල හිතුන නිසයි මේ post එක ලියන්න ගත්තෙ. දැන්නම් ඉස්සර වගේ හිතුන හිතුන වෙලාවට මට කට්ටියට post වලින් දැනුම දෙන්න වෙන්නෙනම් නැහැ. ඒත් පුලුවන් වෙලාවක් තිබ්බොත්, හොද දෙයක් හම්බුනොත් අනිව කට්ටියටම කියන්නම් 🙂 දැන්නම් ඉතින් ලියන විදිහත් මතක නැහැ වගෙයි… 😀

කාලය මැව් වෙනසක අරුමේ…. !

ගොඩක් දෙනෙක් මගෙන් අහනව උබට මොනව වෙලාද, පේන්නවත් නැහැ, කොහෙද ගියේ වගේ විවිධාකාර ප්‍රශ්න. මටනම් ඉතින් කියන්න තියෙන්නෙ,

මමත් දැන් වැඩ වලට හිර වෙලා Fren කියන එකම තමයි ඉතින්… !

හරි දැන් ඒ බයිල වලින් වැඩක් නැහැ. අපි දැන් අපේ කාරණාවට බහිමුකෝ….

මොකක්ද ඔය දාන්න කියන KYC එක?

KYC කියල කියන්නෙ “Know your customer” කියන එකයි. ඕනම කෙනෙක් තමන් එක්ක ගණුදෙණු කරන පුද්ගලයන් ගැන දැනගෙන ඉන්න ඕනෙ. අන්න එහෙම දැනගෙන තහවුරු කර ගන්න තමයි KYC කියන එක පාවිච්චි කරන්නෙ. ඕනම බැංකුවක අපි account එකක් open කරනවනම් අපි අපෙ අනන්‍යතාවය තහවුරු කරන්න අපේ විස්තර දෙනව. අන්න ඒ වගේම සමහර online field එකේ වැඩ කරන්න යද්දි එයාල අපි අව්‍යාජ පුද්ගලයන් (FAKE PEOPLE) නොවන බවට තහවුරු කර ගැනීමක් සිද්ද කරනවා. අන්න ඒකට තමයි එයාල අපෙන් KYC එකක් ඉල්ලන්නෙ. KYC එකක ප්‍රධාන වශයෙන්ම ඉල්ලන්නෙ පහත කරුනු තුන විතරයි.

  1. User Verification – මේකට ඔයාගෙ Passport or Driving License එකේ Scan කරපු පිටපත් හෝ හොද quality photos යවන්න වෙනවා.
  2. Address Verification – මේකට ඔයාගෙ නමට තියෙන mobile bill එකක් හෝ bank statement එකක් යවන්න වෙනව.
  3. Mobile Verification – මේකෙදි සිද්ද වෙන්නෙ ඔයාගෙ දුරකතන අංකය තහවුරු කර ගැනීමක්.

Webwallet  එක verify කරගන්න යන්න කලින්, Webwallet එකක් තාමත් හදල නැති කට්ටිය මුලින්ම ඒ ගැන ලියල තියෙන post එක කියවල ඉන්න.

DasCoin Web Wallet එකක් හදමු

කොහොමද DasCoin/Webwallet එක verify කරගන්නෙ???

මේ දවස් වල DasCoin ගත්ත කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නෙ, තමන්ගෙ account එක verify කරගන්න එකනේ… මම ඔයාලට කරන්න ඕන දේවල් පිලිවෙලකට කියන්නම්. මුලින්ම මේ post එක ඉවර වෙනකම් හොදට කියවල, ඊට පස්සෙ වැඩේ කරන්න ගන්න 🙂

මුලින්ම ඔයාල තමන්ගෙ Webwallet එකට login වෙන්න.

දැන් ඔයාලට පහලින් පෙන්නල තියෙන විදිහෙ message එකක් ඔයාලගෙ DasCoin/Webwallet dashboard එකේ පෙන්නයි.

දැන් Start Process කියන එක click කරන්න. එතකොට පහල තියෙන විදිහෙ message එකක් එයි. ඒ message එක හොදට කියවල Authenticate කියන එක click කරන්න.

දැන් ඔයාලගෙ details පුරවන්න කියල screen එකක් එයි. ඒකෙ ඔයාලගෙ ඇත්තම details දාන්න. Verify කරගන්න submit කරන documents වලත් ඔයා ඔතන පුරවන detailsම තියෙන්න ඕනේ… 🙂

සම්පූර්ණයෙන්ම පිරෙවුවට පස්සෙ Continue කියන button එක click කරන්න. දැන් ඔයාට පහලින් පෙන්නල තියෙනව වගේ message එකක් එයි.

දැන් ඔයාලගෙ email එකට log වෙලා බලන්න. DasCoin/Webwallet එකෙන් ඔයාට පහලින් පෙන්නල තියෙන විදිහෙ email එකක් ඇවිත් ඇති. මුලින්ම ඒ email එක හොදට කියවන්න. Webwallet එක Verify කරගන්න ඔයා කරන්න ඕන දේවල් ඔක්කොම ඒ email එකේ තියෙනවා.

දැන් account එක verify කරගන්න ඕන documents ලෑස්ති කරගෙන Upload Now කියල button එක click කරන්න. දැන් ඔයාට ඔයගෙ Webwallet dashboard එකෙ පහලින් පෙන්නල තියෙනව වගෙ Pending Verification කියල පෙන්නයි. ඒක click කරන්න.

දැන් පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් එයි. Account Settings කියන එක click කරන්න.

දැන් details කියන එක click කරන්න.

දැන් පහලින් පෙන්නනව වගේ Screen එකක් එයි.

ඒකෙ Upload Documents කියන එක click කරන්න. ඊට පස්සෙ Upload New Document කියන එක click කරන්න. දැන් Select Document Type කියන එක click කරන්න.එතකොට පහලින් පෙන්නනව වගේ Screen එකක් එයි.

ඔයාගෙ Webwallet එක Verify කරගන්න ඔයාට ඉහත කියල තියෙන documents ජාති 3නම submit කරන්න වෙනවා.

  1. Address Proof එකක්
  2. Driving License/NIC එකේ back side එක (English වලින් තියෙන එකක් දෙන්න)
  3. Driving License/NIC එකේ front side එක (English වලින් තියෙන එකක් දෙන්න)

එක පාරකට එක බැගින් ‍තෝරගෙන documents upload කරන්න. අනිවාර්යයෙන්ම සියලුම documents හොද quality එකකට අර ගන්න. ඒ වගේම file එකක size එක 2mb වලට වඩා ලොකු කරන්නත් එපා.

Documents upload කරාට පස්සෙ පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් පෙනෙයි.

දැන් Confirm Upload කියන එක click කරන්න. ඔයා documents 3ම upload කලාට පස්සෙ ඔයාට පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් පෙනෙයි.

දැන් ඉතින් ඔයාගෙ Webwallet එක Verify වෙන්න ඕන දේවල් ටික කරල ඉවරයි. Netleadersලගෙන් ඔයාගෙ Webwallet එක verify උනා කියල email එකක් එනකම් බලන් ඉන්න තමයි ඉතින් තියෙන්නෙ 😀

Webwallet එක Verify උනා කියල දැනගන්නෙ කොහොමද?

ඔයාට Netleadersලගෙන් email එකක් එනව ඔයාගෙ Webwallet එක Verified උනා කියල. පහලින් පෙන්නල තියෙන්නෙ ඒ email එක තමයි 🙂

දැන් ඔයාගෙ Webwallet එකට login වෙලා බලන්න. ඔයාගෙ Webwallet එක verifed වෙලා කියල වැටිල තියෙනවා.

කැමතිනම් ඉතින් Authenticated කියන එකත් click කරලම බලන්නකො…. 😀 එතකොට පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් බලාගන්න පුලුවන් වෙයි.

එහෙනම් DasCoin ගත්ත කට්ටිය ඉක්මනින්ම තමන්ගෙ Webwallet එකත් verify කර ගන්න 🙂 මම ඊලග post එකෙන් hardware wallet (Ledger) එකක් මිලදී ගන්නෙ කොහොමද කියන එක කියල 😉

 

ජය වේවා !!!

 

 

 

 

 

12 thoughts on “කොහොමද DasCoin/Webwallet එක verify කරගන්නෙ???

  • August 27, 2017 at 2:45 pm
    Permalink

    Thank you very much.

    Reply
    • August 27, 2017 at 3:40 pm
      Permalink

      Anytime 🙂

      Reply
  • August 27, 2017 at 10:15 pm
    Permalink

    Upload වෙන්නෙ නෑ මචං…

    Reply
    • August 29, 2017 at 7:32 pm
      Permalink

      Upload wenne naththe mokakda macho? Photos wala quality eka hodata danna. e wagema photos wala size eka 500Kb walata wada wadi karanna epa. Ethakota upload wenawa 🙂

      Reply
      • August 29, 2017 at 8:37 pm
        Permalink

        ela mchn! dn hari 😀

        Reply
        • August 30, 2017 at 10:57 pm
          Permalink

          Elz 🙂

          Reply
  • August 29, 2017 at 10:21 pm
    Permalink

    Machan “country” 1 select krn enne nehene bn

    Reply
    • August 30, 2017 at 10:57 pm
      Permalink

      Enna one macho. Wena browser ekakin try karala balanna 🙂

      Reply
  • September 27, 2017 at 11:19 am
    Permalink

    mata webwallet 1ta dipu 4n num 1 change karagnna ona wela tiyenwa… khmda karanne… web wallet 1 customer care page 1k nane

    Reply
    • October 5, 2017 at 8:57 am
      Permalink

      Unta support ticket ekak danna wenawa. Dala wisthare kiyanna. Un udau karai 🙂

      Reply
  • October 11, 2017 at 9:24 pm
    Permalink

    ISANKA OYA ME WITHARA DANA EKA APATA LOKU UDAWWAK OBATA SUBA ANAGATHAYAK

    Reply
    • October 16, 2017 at 12:03 am
      Permalink

      Thanks 🙂

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *