DasCoin Ledger එකක් order කරන්නෙ කොහොමද?

එක ගැම්මටම අනිත් post එකත් ලියලම දාන්න හිතුන 😀 මොකද ආයෙත් වැඩ set උනහම මේ ගැන ලියන්න වෙන එකක් නැහැ. ඒ නිසා NetLeaders/WebWallet/DasCoin Ledger එක ගැනත් කියලම කියන්නම්කෝ…. 😉

ගොඩක් දෙනෙක් Crypto කියන වචනෙ විතරයි දන්නෙ. ඇත්තටම ඒ මොනවද කියල ඇහුවොත් කියන්නවත් දන්නෙ නැති තරම්. තව කෙනෙක් කියනවට දේවල් කරනව මිසක්, මේ දේවල් ගැන හොයන්න කිසිම් උවමනාවක්නම් නැහැ.

මගේ මතයනම්, උනන්දුව තියෙනවනම් අපිට බැහැයි කියල කියන්න පුලුවන් කිසිම දෙයක් නැති තරම් කියන එකයි !

හරි දැන් අපි අපේ වැඩේට බහිමුකෝ…. එහෙනම් හොද සිහියෙන්, මුල ඉදන්ම පිලිවෙලකට post එක කියවල තේරුම් අරන් වැඩේ කරන්න ගන්න. සැරින් සැරේ මට private message දාල අහන්න කිසිම උවමනාවක් නැහැ. මොකද ඔයාලට එන ප්‍රශ්න හැම එකකටම වගේ මම post එකෙන්ම උත්තර දීල තියෙනවා… මගෙන් ප්‍රශ්නයක් අහන්න කලින් හොදට post එක කියවල බලන්නකො…. 😉

මොනවද ඔය Ledger කියන්නෙ?

ඔයාල දන්නව ඇති අපි ගාව තියෙන Crypto Currencies, එහෙමත් නැත්තම් Coins තියාගන්න විවිධාකාර wallets තියෙනවා. Ledger එකක්  කියන්නෙත් wallet එකක්ම තමයි. පහලට කියවද්දි ඒගැන යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.

අපි ගාව තියෙන coins තියාගන්න ප්‍රධාන වශයෙන් wallet ජාති 2කක් තියෙනවා. තව තව ඒව ඇති. ඒත් මම කියන්න යන්නෙ ගොඩාක් දෙනෙක් දන්න සහ පාවිච්චි කරන wallet ගැන විතරයි.

  1. Online Wallets
  2. Offline Wallets
    • Software Wallets
    • Hardware Wallets

Online Wallets ගැනනම් ගොඩාක් දෙනෙක් දන්නව, ඒත් Offline Wallets ගැන දන්නෙ සීමිත පිරිසක් විතරයි.

Online Wallets

Offline Wallets

  • Software Walltes
    • Exodus
    • Jaxx
  • Hardware Wallets
    • Trezor
    • Ledger Nano S

මම ඉහත කියල තියෙන හැම wallet එකක්ම වගේ ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නෙ Bitcoin store කරගන්න. ඊට අමතරව තව සමහර coins වර්ගත් store කරගන්න පුලුවන්.

Ledger එකක් කියන්නෙ හරියටම pen drive එකක් වගේ item එකක්. අපිට අපේ coins ledger එකට දාල තියාගන්න පුලුවන්. Ledger එකක් use කරන එකෙ ප්‍රධානම වාසිය තමයි HIGH SECURE වීම. මොකද ledger එකක් කාටවත්ම HACK කරන්න බැහැ. ඔයාගෙ coins සුරක්ෂිතව ledger එකක ගබඩා කරල තියාගන්න පුලුවන්. තව ඉතින් ledger ගැන කියන්න විස්තර තියෙනව. ඔක්කොම මමම කියන්න ඕනෙ නැහැනේ…. 😀 වැඩි විස්තර දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් එයා Google or YouTube කරල විස්තර හොයා ගනියි 😉

දැන් මම කියන්න යන ledger එක අතිශය විශේෂ එකක්. මොකද මේ ledger එක නිර්මාණය කරල තියෙන්නෙ DasCoin store කරන්නම විතරයි. අපිට මේ ledger එකෙ අනිත් coins දාන්න බැහෑ…. 😀

DasCoin Ledger එකක් order කරන අපිට තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද?

  1. ඔයාගෙ WebWallet එක Verified වෙලා තියෙන්න ඕනේ.
  2. ඔයාගෙ NetLeaders account එකෙ ledger එකක් order කරන්න අවශ්‍ය තරමට මුදල් තියෙන්න ඕනෙ.

කොහොමද NetLeaders/WebWallet/DasCoin Ledger එකක් order කරන්නෙ?

හොදට post එක ඉවර වෙනකන්ම කියවන්න කියල ආයෙත් මතක් කරනවා… :p

අපි මුලින්ම අපෙ NetLeaders account එකට සල්ලි දාගෙන ඉන්න ඕනේ…. Commissions ඇවිත් NetLeaders එකෙ සල්ලි තියෙන අයටනම් මේ ටික වැදගත් නැහැ :p

කොහොමද NetLeaders එකට සල්ලි deposit කරගන්නෙ?

ඔයාලගෙ NetLeaders account එකට login වෙන්න. එතකොට ඔයාලට පහලින් පෙන්නල තියෙනව වගෙ menu list එකක් පෙන්නයි. එකෙ wallet කියන එක click කරන්න.

එතකොට පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් එයි.

Request Pay-In කියන එක click කරන්න. දැන් මේ වගෙ screen එකක් එයි.

Amount in EU* කියන තැන €57 කියල දාන්නSubmit කියන button එක click කරන්න. දැන් පහලින් පෙන්නල තියෙනව වගේ screen එකක් එයි.

පැය කීපයක් ඇතුලත ඔයාට NetLeaders එකෙන් ඔයා deposit කරන්න ඕනෙ Bitcoin ප්‍රමාණය සදහන් කරල email එකක් එයි. පහලින් පෙන්නල තියෙන්නෙ අන්න ඒ email එක තමයි.

දැන් ඔයාගෙ Bitcoin Wallet එකෙන් අදාල Bitcoin ප්‍රමාණය send කරන්න. Sent කලාට පස්සෙ පහලින් පෙන්නල තියෙන විදිහට එයාලගෙන් ආපු email එකටම reply එකක් දාන්න.

ටික වෙලාවක් යද්දි NetLeaders එකෙන් ඔයාගෙ account එකට සල්ලි deposit උනා කියල email එකක් එයි. පහලින් තියෙන්නෙ ඒ email එක.

දැන් ආයෙත් ඔයාලගෙ NetLeaders account එකට login වෙන්න. Logged වෙලා shop කියන එක select කරන්න.

දැන් පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් එයි.

The Validator + Shipping කියන එක select කරල Buy Now කියන button එක click කරන්න. දැන් පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් එයි.

Proceed කියන එක click කරන්න. එතකොට පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් එයි. ඔයාගෙ details හරියටම දීල Next කියන button එක click කරන්න.

ඊට පස්සෙ පහලින් පෙන්නල තියෙනව වගේ screen එකක් එයි.

ඔයාගෙ details හරියටම හටිනම් විතරක් Confirm And Pay කියන button එක click කරන්න. එතකොට පහලින් පෙන්නල තියෙනව වගෙ screen එකක් එයි.

ඔයාගෙ email එකට NetLeaders එකෙන් mail එකකුත් ඇවිත් ඇති. පහලින් පෙන්නල තියෙන්නෙ ඒ mail එක.

දැන් ඉතින් Ledger එක order කරල ඉවරයි. NetLeaders එකෙන් ඔයාගෙ ledger එක ship කලා කියල mail එකක් එනකම් බලන් ඉන්න තමයි තියෙන්නෙ 😀

දැනට මෙච්චයි, ඉස්සරහ දවස් වල මේ post එකට තව කරුණු ටිකක් එකතු වෙයි. Ledger එක ship කරපු තැන ඉදන් ඉස්සරහට…. 😉

 

ජය වේවා !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *