කරන්න කලින් දැනගමු

ඇත්තටම ගොඩාක් දෙනෙක් ගාව සල්ලි තිබ්බත්, සමරු ගාව සල්ලි තිබුනෙ නැතත්, ඒවයින් ආයෝජන කරන්න බයයිනේ… සල්ලි තියෙන කෙනා කුම්මැහි කමට ගොඩ ගහනවා… ඒ නිසා බාහිර දෙයක් දකින්න වෙලාවක් නැහැ. දැක්කත් ඒ දේ ගැන වැඩිපුර හොයන්න උවමනාවක් නැහැ. මොකද තමන්ගෙ සල්ලි වියදම් කරල අවදානමක් ගන්න කොයිම වෙලාවකවත් හිතන්නෙ නැහැනේ… ඒ වගේම තමයි සල්ලි නැති කෙනා… එයාට උනන්දුව තිබුනත් තමන්ට ඕන දේ කරන්න හරි හමන් වත්කමක් නැහැ… අපි ඔය දේ වෙනස් කරන්න උත්සාහ කලොත් මොකද?

එහෙනම් මම ඔයාලට දේවල් කීපයක් ගැන කියන්නම්කො… පුලුවන් කමක් තියෙනවනම් වැඩේට බහින්න. ඒකයි මුලින්ම ඔයාලට මම මූලික අවබොධයක් දෙන්න තීරණය කලේ.

මුලින්ම කියන්න ඕනෙ, සල්ලි සම්බන්ධ කරගෙන කරන ඕනම Business/Field එකක් අවදානම් වලින් පිරිලයි තියෙන්නේ. මොකද අපි කාටවත් 100%ක්ම කියන්න බැහැ ඉස්සරහ දවසෙදි මොනවගේ දෙයක් වෙයිද කියල. සමහර විට අපි යොදන මුදල් වලින් අපිට ලොකු ප්‍රතිලාභයක් ලැබෙන්නත් පුලුවන්, ඒ වගේම අපිට පාඩුවක් වෙන්නත් පුලුවන්. ඒ නිසයි මම මුලින්ම කිව්වෙ අපි කරන්න යන්නෙ අවදානම් වැඩක් කියල. මෙතනින් එහාට මේ post එකට දිගින් දිගටම කියවගෙන යන්නෙ කොහොමත් ඒ අවදානම ගන්න දැනටමත් හිතල ඉවර කට්ටියනේ… එහෙනම් දිගටම කියවන් යන්නකෝ…

ප්‍රධාන වශයෙන්,

  1. අපි අවදානමට ගන්න ඕනෙ අපේම සල්ලි. කාගෙන්වත් ණයට අරන් මේ දේවල් කරන්න හිතන්නවත් එපා…
  2. හරි Sponsor තුමෙක් හෝ තුමියක් හොයා ගන්න. මේ field එක ගැන අත්දැකීම බහුල කෙනෙක් වෙන තරමට හොදයි.
  3. තමන්ට අවදානමක් ගන්න පුලුවන් මුදලක් විතරක් මේ වැඩ වලට යොදවන්න.
  4. යොදන්න ඕන මුදල ගැන හරි අවබෝධයක් නැත්තම්, අනිවාර්යයෙන් තමන්ගෙ Sponsor තුමාත් සමග කතා කරල තීරණය කරන්න. ඒ මුදල තමන්ට අවදානමක් අරන් යොදවන්න පුලුවන්නම් විතරක් වැඩේට බහින්න.
  5. වැනෙන්නෙ නැතුව කෙලින් තීරණයක් ගන්න පුරුදු වෙන්න. මොකද මේ field කේදි තමන් ගන්න තීරණ මත තමයි තමන්ගෙ ගමන තීරණය වෙන්නේ…

ඇස් ‍රැවටීම,

මේ field එකේ ගොඩාක් දෙනෙක් තව කෙනෙක්ව Sponsor කරන්නෙ Referral Commissions බලාගෙන. ඒක නිසා ඔයාලව නැබුරු කරගන්න එක එක දේවල් කියයි, පෙන්නයි. විශේෂයෙන් Adpack Earnings කියල Screen shots පෙන්නයි. මෙන්න මේ වගේ…,

හ හා… දැන් ඔයාලගෙත් ඇස් උඩ ගියානේ… අඩේ මාත් කරනව කියල හිතුනනේ…!!!

ඔය පෙන්නල තියෙන්නෙ මෙතක් පුරාවට ඔයාට Adpack වලින් ආපු Earnings විතරයි. ඔය ඔක්කොම ඔයාට withdraw කරන්න බැහෑ… ඇත්තටම withdraw කරන්න පුලුවන් වෙන්නෙ ඔය Earnings වලින් 1/3ක් වගේ කොටසක් පමණයි.

ඒනිසා කවුරු මොන විදිහට කිව්වත්, විවිධ proofs පෙන්නුවත් තමන් අවදානමට ගන්න යන්නෙ තමන්ගෙ සල්ලි… ඒ නිසා තමන්ගෙ සල්ලි වලට නියම වටිනාකමක් දෙන්න, මුලින්ම තමන් කරන්න යන දේ ගැන හොද අවබෝධයක් ගන්න. විස්තර හොයන්න ඕන තරම් විදි තියෙනවා… Google සහ YouTube කියන්නෙ හොදම sources දෙකක්. ඒවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

ඒ වගේම තමන් කැමැත්තෙම් මුදල් යොදවල බැරිවෙලාවත් lost උනොත්, අපේ වචනෙන් කෙලම උනොත්, කවමදාවත් තමන්ව Sponsor කරපු කෙනාට ඇගිල්ල දික්කරන්න එපා… මොකද ඒක තේරුමක්ම නැති වැඩක්. තමන් දැනගන්න ඕනෙ තමන් කරන දේවල් ගැනෙ. ඒකනෙ අපේ කියමනකුත් තියෙන්නෙ,

පනින්න පෙර සිතා බලනු….

හරි එහෙනම්, ඔය ටිකත් මතක තියාගෙනම අපි කතාවට බහිමුකෝ…

Revenue Share කියන්නේ මොනවද?

Revenue Share කියන්නෙ ප්‍රධාන වශයෙන්ම advertising platform එකක් පදනම් කරගෙන ගොඩනැගුනු ‍field එකක්. අපිට ඉතින් මේවයෙ කරන්න මහ ලොකු දෙයක් නැහැ. ඒත් තමන් කරන දේවල් ගැන නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනෙ. මොකද එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම වරදිනවා. ඒක ඉතින් මොනදේ කරන්න ගියත් පොදුයි නේ… අපේ ජනවහරෙ කියමනකුත් තියෙන්නේ,

දැනගෙන ගියොත් කතරගම, නැත්තම් අතරමග කියල

තමන්ගෙම Brand එකක්, site/blog එකක් හෝ තමන්ගෙම වෙනත් ව්‍යාපාරවල විස්තර මේ Revenue Sharing sites හරහා ජාත්‍යන්තරයට ගෙනියන්න අවස්තාවක් හම්බ වෙනවා. ඊට අමතරව අපිට අමතරව මුදලකුත් හොයාගන්න අවස්තාවක් හම්බ වෙනවා… අපිට අපේ advertisement එකක් TV එකේ දාන් උනත්, පත්තරේ දාන්න උනත් මුදලක් ගෙවන්න වෙනවනේ… අන්න ඒ වගේ තමයි මේ field එකෙත්. අපි මුදල් ගෙවල advertising opportunity එක ලබා ගන්නවා… අපි සාමන්‍යයෙන් කරන advertising සහ මේ field එකේ කරන advertising අතර ප්‍රධාන වෙනසකට තියෙන්නෙ, අපිට අමතර මුදලක් හොයාගන්න පුලුවන් කමක් ලැබීමයි. ඒක ප්‍රධාන ක්‍රම 2කකට කරන්න පුලුවන්.

    1. තමන්ගෙ මුදලින් advertising opportunity අරගැනීමෙන්.
    2. අලුතෙන් සාමාජිකයන්ව advertising opportunity ලබාගැනීමට හදුන්වා දීමෙන්.

තමන්ගෙ මුදලින් advertising opportunity අරගැනීමෙන්.

මම මුලින්ම කිව්වනෙ අපිට මේ field එකෙ කරන්න තියෙන්නෙ සල්ලි දීල advertising opportunities ලබා ගන්න එක කියලා… අන්න එහෙම advertising opportunities අපි ලබා ගන්නෙ විවිධ Adpack Structures යටතෙයි. අපි ගන්න package එකට නියමිත වටිනාකමක් තියෙනවා. ඒ package එකේ සදහන් වෙලා තියෙනව අපි ඒ package එක මිලදී ගත්තහම අපිට අවසානයේ ලැබෙන ප්‍රතිශතය. දැන් ඔහොම කිව්වට මෙලෝම මලදානයක් තේරුනේ නැහැ කියල මම හොදටම දන්නවා. මම උදාහරණෙකින් ඒක පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්,

මම මේ පින්තුරෙ අරන් තියෙන්නෙ 10AdsPay කියන Revenue Sharing site එකෙන්. ඔන්න ඔය Adpack එකෙ වටිනාකම $50. අපි ඕක මිලදී ගත්තහම අපිට පහත සදහන් කරල තියෙන වාසි හම්බ වෙනවා,

      1. අපේ advertisement එක 10AdsPay හරහා පෙන්වන්න අපිට Banner Click 20ක් සහ Website Click 1000ක් හම්බ වෙනවා. අපිට මේ Clicks යොදාගෙන අපේ advertisement එක ජාත්‍යන්තරයේ ප්‍රචාරණය කරන්න පුලුවන්.
      2. ඒ වගේම අපිට Revenue Share Reward එකක් හම්බ වෙනවා. මේක තමයි මම අර සල්ලි හම්බ වෙන්ව කිව්ව දේ… මේ Adpack එකට අදාලව 120%ක Revenue Share Reward එකක් අපිට හම්බ වෙනවා… ඒ කියන්නෙ අපි වියදම් කරපු මුදල වගේ 120%ක්. එහෙම සම්පූර්ණයෙන් 120% හම්බ වෙන්න යන කාලය තීරණය වෙන්නෙ 10AdsPay වල Daily Earnings මත තමයි ඉතින් (සාමන්‍යයෙන් දවස් 60ක් වගෙ යනවා)

Ex- $50*120% = $60

අලුතෙන් සාමාජිකයන්ව advertising opportunity ලබාගැනීමට හදුන්වා දීමෙන්

Referral Commission Earnings කියල හදුන්වන්නෙත් මේකම තමයි. අපි අලුතෙන් සාමාජිකයෙක්ව හදුන්වල දුන්නහම ඒ Revenue Share site එක මගින් අපිට යම් මුදලක් ගෙවනව. මේ මුදල තීරණය වෙන්නෙ, අපි හදුන්වල දුන්න සාමාජිකයා ආයෝජනය කරන මුදල මතයි. ඒ මුදලෙන් යම් ප්‍රතිශතයක් අපිට Commission එකක් විදිහට ලැබෙනවා… මේ ප්‍රතිශතය site එකෙන් site එකට වෙනස් වෙනවා… අපිට ලැබෙන මුදල කැමතිනම් අපිට අපේ payment processor එකට ලබා ගන්න පුලුවන්. එහෙම නැත්තම් ඉතින් අලුතෙන් Adpack එකක් ගන්න යොදවනත් පුලුවන්. ඒක ඉතින් තීරණය කරන්නෙ තමන්නේ…

Ex – 10AdsPay එකෙන් Referral Commission විදිහට 10%ක ප්‍රමාණයක් ලබාදෙනවා…
හිතන්න ඔයා යටතේ එකතුවෙන නව සාමාජිකයා $100ක advertising packages (Adpacks) ගන්නවා කියල. එතකොට ඔයාට $10ක් Referral Commission විදිහට ලැබෙනවා.. ($100*10% = $10)

Revenue Sharing වල අපිට කරන්න තියෙන්නෙ මොනවද???

ප්‍රධාන වශයෙන් ඉතින් තියෙන්නෙ සල්ලි දාල advertising opportunity එක ගන්න තමයි. දැන් ඔහොම ගත්ත පලියටම අපිට Revenue එක එනවද??? අපෝ නැහෑ… ඒකට ඉතින් අපි හැමදාම පැය 24කට පාරක් Ads 10ක් බලන්න ඕනේ… ඒකට මේ field එකේ කියන්නෙ Ads surf කරනවා කියලයි. එතකොට තමයි අපිට දිගින් දිගටම Earnings එන්නේ…

Revenue Sharing සල්ලි හොයන විදිහ සාරාංශ කලොත්,

      1. මුලින්ම අපි සල්ලි දාල Adpack ගන්න ඕනෙ.
      2. පැය 24කට පාරක් Ads 10ක් surf කරන්න ඕනෙ. මේ වැඩේට උපරිම විනාඩි 15ක් වගෙ යයි.
      3. අපේ ආදායම වැඩිකර ගන්න, නියමිත කාල රාමුවක් යටතේ එන Earnings වලින් අපේ Account එක ගොඩ නගාගන්න ඕනෙ. සාමන්‍යයෙන් මමනම් අනුමත කරන කාල සීමාව මාස 3-4ක් වගේ තමයි. මේක ඉතින් වෙනස් වෙන්න පුලුවන්.. Sponsor තුමා/තුමියත් එක්ක සාකච්චා කරල කාල රාමුව හදා ගන්න.
      4. කාල රාමුව අවසානවන දිනයේ ඉදන්ම Withdraw කරන්න… Sponsor තුමා/තුමිය, කාල රාමුව සම්පූර්ණ වෙන්න කලින්ම Withdraw කරන්න කිව්වොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න…

හැමෝටම ජය !!!

10 thoughts on “කරන්න කලින් දැනගමු

  • December 28, 2016 at 6:07 pm
    Permalink

    ඔයා උඩදී කිව්වනේ අපිට withdraw කරන්න පපුලුවන් වෙන්නේ 1/3 ක් විතර වගේ කියලා.එතකොට ඉතිරි 2/3 ට මොනාද වෙන්නේ?ඒක withdraw කරන්න බැරිද?

    Reply
    • December 29, 2016 at 12:52 am
      Permalink

      බැහෑ… 🙂 Earnings කියල පෙන්නන ඔක්කොම withdraw කරන්න බැහැ. ඒකට හේතුව අපිට එන Earnings වලිනුත් අපි නැවත නැවත Adpacks ගන්නවනේ (100% Repurchase කලහම), එතකොට ඒවට වැයවෙන මුදල් වල වටිනකමත් Total Earnings වලට එකතු වෙලයි තියෙන්නෙ.

      Reply
      • December 29, 2016 at 7:32 am
        Permalink

        ආ හරි.තේරුනා

        Reply
        • December 29, 2016 at 11:05 am
          Permalink

          එලම කිරි !!!

          Reply
  • December 29, 2016 at 9:29 am
    Permalink

    10adspay thama invest karanna hodai da den late wedi da mama eka karana gaman inne aye money danna epada withdraw karannada

    Reply
    • December 29, 2016 at 11:07 am
      Permalink

      Danata kisima aulak naha…. Digatama karagena yanna… Salli danma withdraw karanna hadissi wenna epa. Thawa issarahata 10AdsPay thawath hoda wei 🙂
      Mamath thama 100% repurchasing 😉

      Reply
  • December 29, 2016 at 3:35 pm
    Permalink

    thank you very much ayya. gd luck for your future.

    Reply
    • December 29, 2016 at 10:24 pm
      Permalink

      Anytime macho !!!

      Reply
  • January 13, 2017 at 11:06 am
    Permalink

    Mamath feild ekata awith 7 days. Thanks.

    Reply
    • January 13, 2017 at 1:36 pm
      Permalink

      Suba gamanak macho 🙂

      Jaya wewa !!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *