CryptoCurrency කියන්නෙ මොනවද???

ගොඩාක් දෙනෙක්ට මේ දවස් වල CryptoCurrency උණ ගහලනේ…. මට තියෙන දැනුමත් එක්ක පොඩි දෙයක්හරි, ඔයාලත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියල හිතුනා… මම දන්න විදිහට, උපරිම සරලව කියල දෙන්න බලන්නම්… මොකද මම මේ දේවල් ලියන්නෙ යම් හෝ දැනුමක් එක්ක…. අලුතෙන්ම මේ දේවල් කියවන කෙනෙක්ට කොහොම දැනෙනවද කියන්න ඉතින් දන්නෙ ඒ කෙනාම තමයි 😀  ඒකට මට බනින්න එපා… ඒ වගේම මම මේ දේවල් සම්බන්ධව ලොකු පකීර් කෙනෙකුත් නෙමෙයි… 😉 උවමනාව, උත්සාහය තියෙනවනම් අලුතෙන් දෙයක් හොයල ඉගෙන ගන්න පුලුවන්, කියන අදිශ්ඨානයෙන් මේක කියවන්න ගන්නකො එහෙනම්….

ඔව් අපිට කොහොම හරි ගොඩ යන්න පුලුවන්නේ….
සිංහයොනේ….

ගැම්මනේ….!!!

ඔන්න එහෙනම් සුපුරුදු විදිහටම වැඩේට බහින්නයි හදන්නේ…. දැනට මතක් වෙන දේවල් ලියන්නම්, ආයෙත් පස්සෙ මතක් වෙන දේවල් එක්ක post එක update කරන්නම්…. 😉 ප්‍රධාන වශයෙන් කරුණු 5ක් ගැන තමයි මම අවදානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නෙ…. ඉස්සරහට කියවන් යන්නකෝ…. පිලිවෙලකට දෙයක් ඔලුවට දාගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා… පළවෙනි පාරම තේරෙන්නෙ නැති වෙයි, එහෙම උනොත් ආයෙ අයෙත් කීප සැරයක්ම කියවල බලන්න…. මොකද මම ලියන දේවල් 100%ක්ම කාටවත් තෙරෙන්නෙ නැහැනේ… ඒක ඉතින් මිනිස්සුන්ගෙ හැටි. එක එක්කෙනාට ධාරණය වෙන විදි වෙනස් 🙂 මම පුලුවන් තරම් සරලව මට තේරෙන විදිහට වැඩේ කියල දෙන්න බලන්නම්කො….

දැන් එහෙනම්, බිස්කට් පැකට් එකක් කඩාගෙන, තේ එකක් ලෑස්ති කරගෙනම කියවන්න වාඩි උනානම්…. 😛

CryptoCurrency කියන්නෙ මොනවද???

මේවනම් ඉතින් අලුතෙන් කියන්න ඕනෙත් නැති තරම්… මොකද අපේ අයියල දැනටමත් මේ ගැන දන්නවනේ… Google, YouTube වල ගහපු ගමන් හෙන list එකකුත් එනවනේ… 😛 Post එකේ ගුණාත්මකභාවය ‍රැක ගැනීම උදෙසා මමත් ඒ ටිකම එහෙනම් කියන්නම්කො… :mrgreen:

Digital Currency ජාතියක්. මේවට ස්ථීර වටිනාකමක් නැහැ, ගණුදෙණු ඉක්මණින් සහ කාර්යක්ෂමව කරගන්න තමයි මේව යොදාගන්නෙ, දෙදෙනෙකු හෝ කීපදෙනෙකු අතර හුවමාරුව සිදු කරන්න පුලුවන්. ඒනිසා මේ ගණුදෙණු peer to peer transactions (P2P) කියලත් හදුන්වනවා…. ඔන්න ඔයවගේ හේතු නිසා මේ අපි ඉස්සරහට කතා කරන්න යන coins වර්ග CryptoCurrency කියල හදුන්වනවා… 😆 😆 😆

අපි කොහොමද CryptoCurrency ගන්නෙ???

අපි ඉතින් ලංකාවෙ මිනිස්සුනේ… ලෝකයා අපිව ගනන් ගන්නෙ නැහැනේ… 😥

ඒ නිසා අපිට කෙලින්ම අපේ තියෙන බැංකු ගිණුම් උපයෝගීකරගෙන, Direct Coins (Cryptocurrencies) මිලදී ගැනීමට තියෙන sites අඩුයි… ඒ නිසා තියෙන sites ගැන මම මේ ලිපි වල කියන්න යන්නෙ නැහෑ… එහෙම කරන්නෙ කිසිම ගුණමකු කමකටවත්, පෙරේත කමකටවත් නෙමෙයි. ලංකාවෙ අපේම කට්ටිය ගැන හිතලයි… මොකද මම ඉස්සරහට කියන දේවල් නිසා කට්ටිය ලොකුවට උනත් මේදේවල් කරන්න පෙළබෙන්න පුලුවන්… එහෙම උනොත් අනිවාර්යයෙන් අපිට හදිස්සියකට Coins ටිකක් ගන්න තියන sites වලට ලංකාවෙ Central Bank එකෙන් පාර දෙනවා… 😀

ලංකාවෙම Cryptocurrencies BUY & SELL කරන කට්ටිය ඉද්දි ඇයි ඉතින් බොරුවට සල්ලි වියදම් කරන් සුද්දන්ගෙන්ම ගන්නෙ.. ??? මේක ලංකාව නිසා, ගණුදෙණු කරන්න කලින් හොද විශ්වාසයක් ගොඩනගාගන්න පුලුවන් කෙනෙක්ව ‍තෝරගන්න… නැත්තම් ඉතින්, බඩුත් නැහැ හොරුත් නැහැ තමයි… 😆

  • Cryptocurrencies ගද්දි අපි මොනවගේ දේවල් ගැන සැලකිය යුතුද???

Cryptocurrencies (Coins) ජාතිනම් ගොඩාක් තියෙනවා, එහෙම කියල අපි හැම coin ජාතියක්ම ගන්නෙ නැහෑ… මෙන්න මේ site එකෙන් ඔයාට බලාගන්න පුලුවන් දැනට තියෙන coins ජාති මොනවද කියලා… (Coinmarketcap) ඕකෙ තියෙන හැම coin එකක්ම හොද නැහෑ… අපි කරුණු හොයල (ඒ කියන්නෙ අදාල coin එක ගැන Research පාරක් දාල) තමයි අදාල coin එක ගන්නවනම් ගන්නේ… නැත්තම් ඉතින් දාපු සල්ලි ටික වතුරෙ තමයි… 😀

  1. Coin එකක් නිකුත් කරන්න හේතුව සහ ඒහා සම්බන්ධ වෙලා තියෙන වටාපිටාව (Project plans, Companies, Foundersල කවුද වගේ දේවල්)
  2. Market එකෙ අදාල එකට coin තියෙන place එක
  3. Coins කොච්චර release වෙලාද, වෙන්න තියෙනවද
  4. මිනිස්සු අතර coin හුවමාරු වෙනවද, කොච්චර විතර ඉල්ලුමක් සැපයුමක් තියෙනවද
  5. Cryptocurrency  Trading  platforms වල අදාල ච් ජාතිය ට්‍ර වෙනවද නැද්ද ( විශේෂයෙන් Poloniex සහ Bittrex වගේ  platforms වල)

Coins ගන්න කලින් කිවුව වගේ Research පාරක් දාල, දවසක් දෙකක් ගන්න යන coin එකට අදාල Chart එක analyse කරල ගන්න…

හැබැයි ඉතින් අපි අලුතෙන් මොන coin එක ගන්න ගියත් අපිට Bitcoin කියන කෙනා නැතුවම බැරි වෙනවා… Bitcoin, cryptocurrencies වල KING විදිහටනෙ සලකන්නේ… ඒ නිසා තමන්ට පුලු පුලුවන් විදිහට මුලින්ම Bitcoin අරගෙන (BUY කරල) ඉන්න… ඊට පස්සෙ තමයි ඉතින් එතනින් එහාට කරන දෙයක් කරන්න වෙන්නේ… 😀

  • මොනවගෙ coinsද ගන්න හොද???

Cryptocurrency ලෝකයේ ප්‍රධානම currency (coin) එක විදිහට සලකන්නෙ Bitcoin.  ඒ නිසා අපිට අලුතෙන් වෙන coin එකක් ගන්න ගියත් ප්‍රධාන වශයෙන්ම Bitcoin ඕන වෙනවා… මුලින්ම Bitcoin එකතු කරගෙන අනිත් coins ගැන හිතන්න ගන්න… 😉 Bitcoin වෙනුවට තියෙන අනෙකුත් විකල්ප coins ජාති(Bitcoin alternatives) “Altcoin” කියල හදුන්වනවා… ඒ කියන්නෙ ඉතින් Coinmarketcap එකෙ පෙන්නල තියෙන සියලුම coins ජාති තමයි…. එහෙම කියල අපි හැම coin එකක්ම ගන්න යන්නෙත් නැහෑ…. මම කලින් කියල තියෙනව වගේ ගන්න යන coin එක ගැන හොදට හොයල බලල, ලාබයක් ලබාගන්න පුලුවන් coin එකක් ගන්න හැම වෙලේම උත්සාහ කරන්න…. Coinmarketcap කියන site එකේ පළවෙනියට තියෙන coins 15ට විතරක් අවදානය දෙනවනම් ඇගට ගුණයි ඉතින් 😉 ඔය 15ව ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනවා…. නිතරම අවදානයෙන් ඉන්න එක ඉතින් තමන්ගෙ වැඩක්, මොකද එහෙම හිටියෙ නැත්තම් ඉතින් මොනමදේ කරන්න ගියත් හැමදාම කියන්න වෙන්න LOST කියන එකම විතරයි….

තමන්ට අවදානමක් ගන්න පුලුවන් කමක් තියෙනවනම් අනිවාර්යයෙන්ම DasCoin අරගෙන තියාගන්න… Market එකට එන්න කලින් අඩු ගානකට අරගෙන තියාගෙන ඉන්න… 😉

Cryptocurrency තියාගන්නේ කොහෙද???

Cryptocurrency තියාගන්නනම් විවිධ wallets, sites තියෙනවා…. එහෙම කියල හැම තැනම තියාගන්න එකත් ඇගට හොද නැහෑ…. දැනට recommend කරන්න පුලුවන් wallets සහ sites ටිකක් මම කියන්නම්…. 🙂

  1. Coinbase – Bitcoin, Ethereum, Litecoin තියාගන්න පුලුවන්…
  2. Blockchain – Bitcoin තියාගන්න පුලුවන්…
  3. Poloniex – Coins ජාති කීපයක් තියගන්න පුලුවන්… ඒ වගේම Cryptocurrency Trading කරන්නත් පුලුවන්…
  4. Bittrex – Coins ජාති කීපයක් තියගන්න පුලුවන්… ඒ වගේම Cryptocurrency Trading කරන්නත් පුලුවන්…

Cryptocurrency වලින් කරන්න පුලුවන් මොනවද???

Cryptocurrency වලින් කරන්න පුලුවන් වැඩනම් ගොඩාක් තියෙනවා… ප්‍රධාන වශයෙන්ම Bitcoin කියන currency එක දැන් ලෝකෙ ප්‍රධාන මුදල් හුවමාරු ඒකකයක් බවට පත්වෙලා තියෙනවා… ඒ කියන්නෙ ලෝකයේ විවිධ තැන්වලට අපේ අවශ්‍යතාවයන්ට අනුව, කිසිම අමතර වියදමකින් තොරව ඉතා අඩු කාලයකින් මුදල් හුවමාරු කිරීමේ පහසුකම ලැබිල තියෙනවා… තාම Bitcoin වලට විතරක් ඒ පහසුකම් ලැබුනත්, නුදුරු අනාගතයේ අනෙකුත් coins වලටත් ඒ අවස්තාව ලැබෙයි…. 😉

මේ Cryptocurrency යුගයයි !!!

ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවය පරිදි Cryptocurrency හසුරවල, අමතර අදායම් ලබාගැනීමේ අවස්තාවද අපිට ලැබෙනවා… ඒ ගැන මගේ දැනුම හැටියට මම දැන් කියන්න ගන්නද??? හාද ??? 😛

හ හා… ඇයි දැන් ඔච්චර හදිස්සියක්??? කෙලවගන්න ඔච්චරම ආසද??? 

එහෙනම් වැඩේට බහින්න කලින් මුලින්ම මේක හොදට බලල ඉන්නකෝ…. මහ අමරු දයක් නැහෑ… හැබැයි ඉතින් කැපවීම ඕනේ…. 🙂

Cryptocurrency Trading කියන්නෙ මොකක්ද???

Cryptocurrency Trading කියන දේ ගැන සරලවම කිවුවොත්, Market එකෙ හොද movement එකක් තියෙන (Up or Down යන) coin එකක් මිලදීගෙන ඒ coin එක තමන් මිලදී ගත් මුදලට වඩා ඉහල හෝ පහල අගයකදී විකිණීමයි. කොටින්ම කියනවනම් ලාබ ලැබීමේ පරමාර්තයෙන් Buy & Sell කිරීමක් 😆

මිලදීගත් මුදලට වඩා වැඩි අගයකට විකිණීමෙන් තමන්ට ලාබයක්ද (Profit), මිලදීගත් මුදලට වඩා අඩු අගයකට විකිණීනෙම් තමන්ට පාඩුවක්ද (Lost) සිද්ද වෙනවා… අපි හැම වෙලේම බලන්න ඕනේ තමන් හොදයි කියල ගන්න coin එකෙන් Profit එකක් ලබාගන්නයි…. 🙂

උදාහරණයකින් පැහැදිලි කරන්න බලන්නම්කෝ….,

හිතන්න තමන් රුපියල් ලක්ෂයක් (100,000/-) දීල ඉඩමක් මිලදීගන්නව කියලා…. අන්න ඒ ඉඩම තමන් මිලදී ගත්ත මුදලට වඩා වටිනාකමින් වැඩි උන අවස්තාවකදී විකුණල ලාබ ලැබීම වගේ දෙයක් තමයි…. ලක්ෂයකට අරන් ලක්ෂ දෙකකට (200,000/-) විකුණුව කියල හිතන්න 🙂

දැන් අහන්න කට ඇරන් ඉන්නෙ ගත්ත මුදලට වඩා අඩු උනොත් මොකක්ද කරන්නෙ කියලනේ…. ඉවසීමෙන් ප්‍රශ්නාර්ත ලකුණකුත් එක්කම පහලට යන්නකෝ….  😛

  • Cryptocurrency Trading කියන දේ RISK ද???

අන්තර්ජාලය හරහා විතරක් නෙමයි, ඕනම තැනක සල්ලි දාල කරන (Investments) දේවල් අවදානම් (Risk) සහිතයි… ඒ අවදානම පුලුවන් තරම් අවම කරගෙන තමයි අපි කරන දෙයක් කරන්න ඕනේ… Binary, Forex වලට වඩා නම් අවදානම අඩුයි. නිතරම තමන් කරන දේ ගැන අවබෝදයෙන් ඉන්නවනම් එක coin එකනින් lost උනත්, තව coin එකකින් lost වීම අල්ල ගන්න පුලුවන්… 😉 තමන් දාපු මුදල Binary වල වගේ බිංදුවට යනකම් ගියොත් යන්නෙනම් තමන් කරපු පුරුවෙ පවකට තමයි… 😆 මොකද එහෙම වෙන්නනම් තමන් ‍තෝරගත්ත coin එකක වටිනාකම බිංදුවක් වෙන්න ඕනෙනේ…. ඒ කියන්නෙ ඉතින් ඒ coin එකට අදාල project එක fail වෙන්න ඕනේ… එහෙම fail උනත්, තමන් නිතරම update එකෙන් ඉන්නවනම් කවමදාවත් බිංදුවටනම් යන්නෙ නෑහෑ….

මම මොන බයිලාව ගැහුවත්, තමන්ගෙ අතේ තමයි ඉතින් ගේම තියෙන්නේ…. 😀

  • Cryptocurrency Trading කරන්න හොද sites මොනවද???

මමනම් Cryptocurrency Trading කරන්න යොදාගන්නෙ කියන්නෙ Poloniex සහ Bittrex  කියන sites දෙක විතරයි… තවනම් ඕන තරම් sites ඇති. ඒත් මට තියෙන අත්දැකීමත් එක්ක වෙන Trading කරන්න site එකක් recommend කරන්නනම් බැහෑ…. තමන්ගෙ අවදානම ඉතින් කවුරු මොනව කිවුවත් ගන්න ඕනෙ තමන්මනේ… 😉

  • Cryptocurrency Trading  කරන්නේ කොහොමද???

මම දකින විදිහටනම් Cryptocurrency Trading විදි දෙකකට කරන්න පුලුවන්…

  1. Short Term Trading
  2. Long Term Trading
  • Short Term Trading කියන්නෙ මොකක්ද???

යම්කිසි කෙටි කාල පරාසයක් තුල market එකේ සිදුවන ක්ෂණික වෙනස්වීම් වලින් ලාභ ලබා ගැනීමට trade කිරීමයි…. මේ ක්‍රමය RISK අතින් ගොඩාක් වැඩියි… මොකද තමන්ට Trading Chart analysis කිරීම පිලිබද අවබෝධයක් නැත්තම් ගොඩාක් වෙලාවට තමන් දාන trade එක තමන් හිතන අතට විරුද්ධ අතට යනවා (lost). එතකොට ගොඩාක් අය කරන්නෙ ඉක්මණටම බය වෙලා (Panic) තමන් මිලදී ගත්ත ගානටත් වඩා අඩු ගාණකට විකුණල දානවා…. ඒත් ඒ දේ එහෙම නෙමෙයි වෙන්න ඕනේ…. ගොඩාක් වෙලාවට තමන් coin එකක් මිලදී ගන්නෙ ඒ පිලිබදව හොයල, විශ්වාසයක් ගොඩ නැගුනොත්නේ…. එහෙනම් ඇයි කලබල වෙන්නේ????

  1. තමන් මුලින්ම හොදට Trading Chart එකක් analysis කරන්න පුරුදු වෙන්න.
  2. තමන් ගැන විශ්වාසයක් ගොඩ නගාගන්න (Lost හෝ Profit උනත් මම මේ RISK එක ගන්නව කියලා)

තමන් ගත්ත මිලට වඩා coin එකක වටිනාකම පහල ගියොත්, කලබල නොවී ටික දවසක් coins තමන්ගෙ wallet එකක සුරක්ෂිතව ගබඩා කරල තියන්න…. කෙටිකාලයක් තුල market එකේ coins වල වටිනාකම ඉහල පහල ගියාට, ගොඩාක් වෙලාවට දීර්ග කාලීනව coins වල වටිනාකම ඉහල යනවා…. එහෙම යම් කාලයක් තියාගෙන ඉදල, තමන් ගත්ත මිලට වඩා ඉහල ගිය අවස්තාවක විකුණල (sell) දාන්න…

උදාහරණයකින් පැහැදිලි කරන්න බලන්නම්කෝ….,

හිතන්න තමන් රුපියල් ලක්ෂයක් (100,000/-) දීල ගත්ත ඉඩමේ වටිනාකම යම් හේතුවක් නිසා අසුදසකට (80,000/-) පහල ගියා කියලා…. ඒ වෙලාවට ඒ ඉඩම විකුනන්න යන්න එපා…. මොකද ඔයාල දන්නව සහ ඔයාලට විශ්වාසය තියෙනව ආයෙත් ඉඩම් වල වටිනාකම ඉහල යයි කියලා… මොකද ඔය ඉඩම විකුනන්නෙ නැතුව තියන් හිටිය කියල ඔයාලට තමන් ගත්ත දේ නැති වෙන්නෙ නැහැනේ… ආයෙත් ඉඩමට සුපුරුදු වටිනාකම එන දවසක් තියෙනවනේ… අන්න ඒ දවස එනකම් ඉවසිල්ලෙන් ඉදල, ලක්ශයකට (100,000/-) වඩා ඉඩමේ වටිනාකම වැඩි උනහම විකුනල දාන්න…
හොද ඉඩමක් (coin එකක්) ‍තෝරගන්න එක ඉතින් තමන්ට බාරයි… 😉

පහල පින්තූරෙන් පෙන්නල තියෙනව පැයක කාලයක් තුල trade කරනවනම් Litecoins (LTC) BUY & SELL කරන්න ඕන අවස්තා… ඒවගේම Litecoins ගබඩා කරල තියාගන්න ඕනෙ අවස්තාවක්ද පෙන්නල තියෙනවා… ඔයාලට යම් අදහසක් ගන්න පුලුවන් වෙයි…

  • Long Term Trading කියන්නෙ මොකක්ද???

මෙම trading ක්‍රමයේදී තමන් කෙටි කාලයක් තුල market එකෙ සිදුවන සිදුවීම ගැන කිසිම තැකීමක් කරන්නෙ නැහෑ… තමන් මිලදී ගන්නෙ හොද පැවැත්මක් තියෙන්න පුලුවන් කියල ගොඩාක් Feedback තියෙන coins ජාති විතරයි… තමන් මිලදීගත්ත coin එක, යම් කාල පරාසයක් තුල තමන්ගේ wallet එක තුල සුරක්ෂිතව ගබඩාකරල තැබීම මෙහිදී සිද්ද කරනවා…. (කාල පරාසය ඉතින් එක එක්කෙනාගේ කැමත්ත පරිදි වෙනස් වෙනවා) තමන් ගත්ත මිල වගේ යම් ගුණයක් වෙනකම් අදාල coins ජාතිය තමන් ගාව ගබඩාකරන් ඉදල, තමන්ගෙ target price එකට ආවට පස්සෙ ඒව විකුණල දාන්න… මමනම් කියන්නෙ තමන් ගත්ත මිල වගේ දෙගුණයක් උනහම තමන් ගාව තියෙන coins විකුණල, තමන් විකුණපු මිලටව වඩා coins වල වටිනාකම අඩු උනහම ආයෙත් මිලදී ගන්න කියලයි…

මොකද ඕනම දෙයක් නැගග පලියට, හැමදාම නැගල තියෙන්නෙ නැහැනේ…. නගිනව වගේම බහිනවා… අයෙ වෙලාව ආපුවහම නගිනවා… 😆

පහල පින්තූරෙන් පෙන්නල තියෙනව අවුරුද්දක කාලයක් තුල Bitcoin (BTC) වල මිල වෙනස් වෙලා තියෙන ආකාරය….

ඔයාලට පේනව ඇති short term සහ long term charts අතර වෙනසක්, short term කරද්දි chart එකෙ movements ගොඩක් තියෙනව කියල පේනව ඇති. නමුත් long term chart එකෙ එහෙම ලොකුවට movements පෙන්නන්නෙ නැහෑ…. ඒ නිසා මමනම් අලුතෙන් මේදේවල් කරන කෙනෙක්ට කියන්නෙ, ඉවසීම ප්‍රගුණ කරන්නත්, ලාභයක් ලබන්නත් එක්ක long term trading කරන්න කියලයි… ඒ අතර long term trading වලින් ලබාගන්න profit වලින් short term trading කරන්න උත්සාහ කරන්න…. මේ දේවල් ඉගෙනගෙන කරන්න යම් කාලයක් යයි…. ඒත් උත්සාහය අත අරින්න එපා…. 🙂

  • ඔහොම ලාභ ලබන්න පුලුවන් කියල පෙන්නන්න Proof තියෙනවද???

ඔව් මගේම PROOF තියෙනාවා… මම trade කරන්නෙ Poloniex කියන site එකේ විතරයි… ඒ site එකෙන් trade කරල ගත්ත profits, මගේ Coinbase wallet එකේ store කරල තව ලාභ ලබල තියෙනවා… දැනට මම දාන්නෙ Coinbase එකෙ screenshots විතරයි…

හොදට ETH සහ LTC කියන coins වල Dollar අගය සහ coins ගාන මතක තියාගනෙ ඉන්න… මේක දැක්කමහම ඔයාල හිතනව ඇති මූ LOST නෙ කියලා…. හරි දැනට එහෙම හිතාගෙන පහලට යමුකෝ…. 😉

මේ තියෙන්නෙ මම ETH වලට යොදවපු මුලු investment එක…., (2017-05-08 දිනට)

Total deposit amount = $653 ක් වගේ…

Screenshot එකෙ පෙන්නල තියන ගාන = $1131

Net profit percentage එක = (($1131-$653)/$1131)*100 = 73.2%

මේ තියෙන්නෙ මම LTC වලට යොදවපු මුලු investment එක…., (2017-05-08 දිනට)

Total deposit amount = $496 ක් වගේ…

Screenshot එකෙ පෙන්නල තියන ගාන = $577

Net profit percentage එක = (($577-$496)/$577)*100 = 16.33%

ETH ගැන දවස් 3ක proofs…. කැමති අය ගනන් හදල මටත් කියන්නකෝ…. 😆

LTC ගැන දවස් 3ක proofs…. කැමති අය ගනන් හදල මටත් කියන්නකෝ…. 😆

Poloniex එකෙ screenshots මම වෙනම post එකක දාන්න බලාපොරොත්තු වෙනවා… මොකද මේ post එකෙන් කට්ටියට මම කියල තියෙන්නෙ Basic දේවල් විතරයි… ඒත් Poloniex සහ Bittrex කියන platforms වල trade කරන විදිහ මම මේකෙ කියල නැහෑ… ඒ පිලිබදව වෙනම post එකකින් ඔයාලට කියන්න අදහසක් තියෙනවා… මේක කියවන කෙනෙක්ට පුලුවන්නම් කලින් cryptocurrencies ගැන post දැම්ම වගේම, අලුතින් දෙයක් ගැන ලියන්න topic එකකුත් දෙන්න කැමතියි… (Cryptocurrency Trading Platforms) 😆  😆  😆

 

ජය වේවා !!!

 

 

36 thoughts on “CryptoCurrency කියන්නෙ මොනවද???

  • May 11, 2017 at 5:57 pm
    Permalink

    Isanka it’s a good post and those are the basics. I love to know more about it, means how to trade in a trading platform, as I know most of our people are afraid to talk about trading because of Binery and Forex. they know it’s a risk but as you said every financial transaction is having a risk.

    Thanks Isanka, this is a place, interested people getting knowledge of new ways to earn money online.

    Reply
    • May 13, 2017 at 12:19 am
      Permalink

      Sure Marini, I’ll write more about this topic in near future. Yep first we have to have a clear idea about basic things. That’s why I posted this. I’ll write more posts for sure… KEEP IN TOUCH 😀

      Reply
  • May 11, 2017 at 6:11 pm
    Permalink

    Kipiya nam super e laga ekath ikmanata danna 🙂

    Reply
    • May 13, 2017 at 12:14 am
      Permalink

      Free time hambuna gaman ikmanatama liyala dannam 🙂
      Thanks macho 🙂

      Reply
  • May 11, 2017 at 8:02 pm
    Permalink

    ඔබේ අධිෂ්ඨානය අපිවත් ගොඩ දාගෙනම යැමනම් ඉක්මනින්ම අපිට පොස්ට් දිමට තරම් පට්ට විය යුතුයි..
    ඉස්සෝ හිතන් ඉන්නේ මේ පොස්ට් එක හොදයි කියලාද ..
    නැ බං මෙක හොදයි නෙවෙයි… මේක පට්ටම පට්ට.. සුපිරිම සුපිරි..
    එල ඉස්සෝ එල…
    10Ads එකාට රිදෙන්න දෙන්න පුලුවන් වෙයි නෙද ඉස්සෝ Dascoin වලින්..
    මග බලාන් ඉන්නේ අලුත්ම පොස්ට් එකක් එනකම්..
    ජයවේවා ඉස්සෝ

    Reply
    • May 13, 2017 at 12:14 am
      Permalink

      10Ads එකාට රිදෙන්න දෙන්න පුලුවන් වෙයි නෙද ඉස්සෝ Dascoin වලින්..
      Loku wishwasayak thiyenawa 🙂

      ඉස්සෝ හිතන් ඉන්නේ මේ පොස්ට් එක හොදයි කියලාද ..
      නැ බං මෙක හොදයි නෙවෙයි… මේක පට්ටම පට්ට.. සුපිරිම සුපිරි..

      <3 <3 <3

      Reply
  • May 11, 2017 at 8:54 pm
    Permalink

    එල මචෝ, සරලව ලියල තියෙනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. Poloniex , Bittrex ගැනත් ලියමු. ජයවේවා!

    Reply
    • May 13, 2017 at 12:13 am
      Permalink

      Thanks macho <3
      Free time thiyena widiyata aniwa liyala dannam 🙂

      Reply
  • May 12, 2017 at 9:15 am
    Permalink

    එල මචන්. පොස්ට් එක එනකම් බලාගෙන හිටියේ. මාත් අතගහනවා එහෙනම්.

    Reply
    • May 13, 2017 at 12:12 am
      Permalink

      Siyallata pera sudanama wadagath hode… 🙂
      Atha gahanna…. yam awabodayak aran…
      Mokada Crypto Tradings wala DEMO karanna baha 😀

      Reply
  • May 12, 2017 at 8:57 pm
    Permalink

    ගොඩක් දේවල් ඉගනගත්තා Cryptocurrency Trading ගැන ඉගනගන්න පුලුවන් resource දෙන්න.ඔයත් ඉක්මනට post ටිකක් දාන්න
    thanks bro

    Reply
    • May 13, 2017 at 12:08 am
      Permalink

      Ona tharam resources GOOGLE & YouTube eke thiyenawa…
      Thamanta therena widiyata search karanna…. Hama dema kiyawanna… 😀
      Okay macho…. Free time thiyena widiyata dannam 😉

      Reply
  • May 13, 2017 at 7:04 am
    Permalink

    niyamayi..ayye…godak watina post ekak..thank you….

    Reply
    • May 13, 2017 at 9:47 am
      Permalink

      Anytime malliyo 🙂

      Reply
  • May 13, 2017 at 9:57 pm
    Permalink

    ගොඩක් දේවල් ඉගනගත්තා. ජයවේවා!

    Reply
    • May 13, 2017 at 10:14 pm
      Permalink

      Eka thamai matath wenna one macho….

      Jaya wewa !!!

      Reply
  • May 13, 2017 at 10:09 pm
    Permalink

    thanks bro…post eka patta clear…

    Reply
    • May 13, 2017 at 10:15 pm
      Permalink

      Anytime macho 🙂
      Notherena deyak thibboth, prashna widiyata ahanna 😀

      Reply
  • May 15, 2017 at 7:30 am
    Permalink

    Great Post Issa, Love This <3

    Reply
    • May 15, 2017 at 8:28 am
      Permalink

      Thank you so much macho <3

      Reply
  • June 16, 2017 at 9:16 am
    Permalink

    කියන්න වචන නෑ ඕනම පොඩ් එක්ක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සදහන් කරල ටියෙනව 100% ගොඩාක් දේ ඉගෙන ගත්ත මමත් මේ වැඩේට account එකක් හදාගෙන අත ගහල තියෙන්නෙ නමුත් හරියට දන්නෑ කිසිම දෙයක් ඔයාගෙ පිහිටෙන් ගොඩාක් දේ ඉගෙන ගතත bittrex වල නිවැරැදි ව account එකක් verify කරගන්න තැන ඉදන් පෝස්ට් එකක් දැම්ම නම් තවත් ගොඩාක් වටිනව කරගන්න මොකුත්ම නොදන්න කෙනෙක්ට ඔයාට ජයෙන් ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනවා ස්තුතිය.

    Reply
    • July 2, 2017 at 11:54 am
      Permalink

      මම පුලුවන් තරම් උත්සාහ කරන්නම්… මොකද තියෙන වැඩත් එක්ක post එකක් ලියනව කියන එක ලේසි නැහෑ… ඔයාලගෙ ඉල්ලීම් වලට පුලුවන් උපරිමයෙන් සාදාරණයක් කරන්න උත්සාහ කරන්නම් 🙂

      ජය වේවා !

      Reply
  • June 26, 2017 at 2:58 pm
    Permalink

    Pattama..pattane…bro .o.o ..

    Reply
    • July 2, 2017 at 11:56 am
      Permalink

      Thanks macho 🙂

      Reply
  • June 29, 2017 at 9:24 am
    Permalink

    Thanks bro… VVI post ! wish u all the best machan.

    Reply
    • July 2, 2017 at 11:56 am
      Permalink

      Thank a lot 🙂

      Reply
  • August 15, 2017 at 3:45 pm
    Permalink

    මට coins අරගන්න ලංකාවේ කෙනෙක් සෙට් කරලා දෙන්න පුළුවන්ද? මම අළුත් මේ field එකට මම කැමති coins ටිකක් අරගෙන වැඩේ පටන්ගන්න. මම poloniex එකේ account එකක් හදාගත්තා එතනින් එහාට යන්න දැනගන්න ඕනේ උදව් කරන්න පුළුවන්ද?

    Reply
    • August 17, 2017 at 7:14 pm
      Permalink

      මාව Facebook එකෙන් contact කර ගන්න. මම උදව් කරන්නම් 🙂 ඔයා මුලින්ම Bitcoin හොයාගෙන ඉන්න ඕනේ… ඒකටත් උදව්වක් ඕනෙනම් කියන්න..

      Reply
      • August 18, 2017 at 7:44 am
        Permalink

        ඹව් මට Bitcoin ගන්නත් ඕනේ.. ඔයාගේ FB Name එක මේකමද? මම contact කරන්නම්.

        Reply
        • August 18, 2017 at 10:56 pm
          Permalink

          Mama hithanne oya wenna one Sampath Peiris ??? Puluwannam oyage Real Profile eken message karanna. Naththam mama reply karana ekak nathi wei 🙂

          Reply
  • August 19, 2017 at 8:40 am
    Permalink

    ou mage real Account eka tamai eka. mama facebook hitiye na.. mama account ekak hadagatte oyawa contact karanna. eka mama update karannam..help me

    Reply
    • August 20, 2017 at 6:13 pm
      Permalink

      Mama reply kala macho 🙂

      Reply
  • September 12, 2017 at 8:51 pm
    Permalink

    CoinBase lankawata support karanne ne neda bro?

    Reply
    • October 5, 2017 at 8:27 am
      Permalink

      Buy n& Sell walata support karanne naha. Coins store karala thiya ganna puluwan 🙂

      Reply
      • October 10, 2017 at 7:14 pm
        Permalink

        mama kamathi Cryptocurrency Trading karanna. Wallet ekak hadganna widiha, Cryptocurrency ganna widiha kiyala denna puluwanda?
        oyage lipiyen godak dewal danagaththa. ayeth mewage lipi liyanna.

        Reply
        • October 16, 2017 at 12:04 am
          Permalink

          Mata FB eken personally msg ekak danna. puluwan welwata udau karannam 🙂

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *