මම ගැන.

කියන්න දේවල්නම් ගොඩාක් තියෙනවා, කොතනින් කොහොම පටන් ගන්නද කියලම් හිතා ගන්න බැහැ.. මුලින්ම මම කවුද කියලම කතාවට බහින්නම්කො….

  • isanka-storyනම : ඉසංක පෙරේරා
  • ඉපදුනේ සහ ඉන්නෙ : කොළඹ
  • ඉගෙන ගත්තේ : කොළඹ මහානාම විද්‍යාලයෙන්
  • උසස් අධ්‍යාපනය ලැබුවේ : ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්

මෙතනින් එහාට ඉතින් මම මෙතෙක් දුර ආපු ගමන ඔයාලට දිගහරින්නම්කො… ඔයාලගෙ ජීවිතේට වැදගත් දේවල් ගොඩාක් එකතු කරගන්න පුලුවන් වෙයි.

සල්ලි දැක්කහම,

උඔ කොහොමද බන් ඔහොම දේවල් කරන්නෙ කියල මගෙන් අහපු අය අනන්ත ප්‍රමාණයක් ඇති. එහෙම අහල මේ වෙද්දිත් ගොඩ ගිය අය ගොඩාක් ඉන්නව. ඒ වගේම තාමත් එකතැන පල් වෙන කට්ටියත් ගොඩක් ඉන්නව. ලංකාවෙ කට්ටිය ඉතින් මේ වගේ දේවල් දිහා බලන්නේ අමුතු විදිහකටනේ…

අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර වලින් මුදල් හොයනව කිව්වහම ඉතින් ගොඩක් අය කියන්නෙ,
අනේ බන් නිකම් අපෙ සල්ලි වලට කෙලවන්නෙ නැතුව, උබේ සල්ලි ටිකත් තියාගෙන වැඩකට ඇති දෙයක් කරපන් කියලනේ…

මමනම් ඔය කතාව අනන්ත වාරයක් අහලත් තියෙනව, අදටත් අහනවා… ඒත් ඉතින් මම මගේ ගමන සුපුරුදු විදියටම යනව. මොකද මට වෙන කාගෙවත් දේවල් අදාල වෙන්නෙම නැහැනේ…

කතාව වෙන පැත්තකට යන සීන් එකක් තියෙන්නෙ….., ඔන්න එහෙනම්,

පළමු පියවර තිබ්බෙ කොහෙන්ද?

අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර වලින් මුදල් හොයන්න මට මුලින්ම අත දුන්නේ Nicholas Wolff. මේ field එකේදි කවමදාවත් මුල අමතක කරන්න එපා. ඒවගේම වචෙනෙකින් හරි උදව් කරපු කිසිම කෙනෙක්ව කවමදාවත් අමතක කරන්නත් එපා. එහෙම කිව්වෙ ඇයි කියල ඉස්සරහට කියවන් යද්දි තේරෙයි.

Nicholas මට මුලින්ම කරන්න කිව්වෙ triplethr3at (TT3) කියන Revenue sharing එක. ඇත්තටම මම ඒ වෙද්දි Revenue sharing කියන field එක ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මොනවද ඒකෙන් වෙන්නෙ, කොහොමද සල්ලි හම්බ වෙන්නෙ කියන දේවල් නිකම් මැජික් වගේ… ඊට වඩා ආතල්ම සිද්ධිය කියන්නෙ ඒ වෙද්දි මගෙ අතේ සල්ලි තිබුනෙ නැති එක. කොහොම කොහොම හරි $50කට හරියන්න සල්ලි හොයා ගත්ත. දැන් සල්ලි තිබ්බට කරන්න ඕනෙ කිසිම දෙයක් දන්නෙ නැහැ. හම්මේ ඉතින් මම Nicholasට දුන්න වදයක්. කවදාවත් මාව වදයක් විදිහට භාර ගත්තෙ නැහැ. පුලුවන් උපරිමයෙන්ම මට උදව් කලා. අද වෙද්දි ඔයාල මගෙන් දකින්නෙත් අන්න ඒ වගෙ quality එකක් තමයි ඉතින්.  මොකද මම දන්නව අලුතෙන්ම මේ field එකට එන කෙනෙක්ගෙ තත්ත්වය. කෙලින්ම අයෙ නැහැ කරකෝල අත ඇරිය වගේ තමයි.

ගමන,

ඔන්න ඉතින් මම වැඩ පටන් ගන්න මගේම කියල TT3 account එකකුත් හැදුවලු. ඒ හැදුවෙ 2015 දෙසැම්බර් මාසෙදි. මමත් ඉතින් මනුස්සයෙක්නේ…. අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටිකට කෙලවෙයි කියල බයේ මගේ ගමන පටන ගන්න එක හැමදාම කල් දැම්මා… ඕක තමයි මම කරපු මෝඩම වැඩේ… කොහොම කොහොම හරි දවසින් දවස කාලය ගෙවිල ගියා. 2016 අවුරුද්දත් ආවලුනේ… තාම බයේ පස්ස ගගහ හිටිය. බයත් එක්කම පට්ටම අව්ල්. දැන් බලනවනෙ මොකද මූ අව්ල් ගැහුවෙ කියලා… ඇයි බොලව් අව්ල් යන්නෙ නැද්ද මගෙත් එක්කම accounts හදපු උන්, මම මෙච්චරක් ගත්ත, මෙච්චරක් ගත්ත කියල එයාලගෙම payment proof FaceBook එකේ share කරද්දි… මටත් ඒව පේනවනේ…. ඔන්න ඕක තමයි මම පත්තු වෙන්න ප්‍රධානම හේතුව.

ඕන එකක් වෙයන් කියල අතේ තිබ්බ $50 මම TT3 එකට දාල 2016 ජනවාරි වල මගේ ගමන පටන් ගත්ත. ඒ වෙද්දි Nicholas එයාගෙ referralsලට පොඩි offer එකක් දිදියි හිටියෙ. මම මට ඒ offer එක එපා කියල $50ක් ඉල්ල ගත්ත. එහෙම ඉල්ල ගද්දිත් මම TT3 පටන් අරන් සති 2-3ක් විතර ගිහින් හැබැයි. ඒ සල්ලි ටිකත් දාල මම මගේ account එක තවදුරටත් ගොඩ නගන්න ගත්තා.

ඔහොම කාලයත් එක්ක මම මේ field එකේ play කරන්න ඕන විදිය ටිකෙන් ටික ඉගෙන ගත්ත. කාගෙන්වත් ඇහුවෙ නැහැ. මම මගේ ගමන ගොඩ නගාගත්තෙ තවත් කෙනෙක්ට කියල දෙන්න පුලුවන් විදිහට. අන්තජාලය තමයි ඉතින් වැඩිදුර අධ්‍යයන වැඩ වලට මට උදව් උනේ… මම විවිධ ක්‍රම උපායවල් එහෙමත් ඉගෙන ගත්ත. ඒ හැමදෙයක්ම ඉගෙන ගන්න ගමන් තව තවත් ඉස්සරහට ගියා..

ඔහොම යද්දි මට තේරුනා මගේ ආරම්භක මුදල් ප්‍රමාණය මදියි කියල. කට්ට කාල තව $50ක් එකතු කරගෙන, ඒකත් ඕන දෙයක් වෙයන් කියල මගෙ account එක තව ගොඩ නගන්නම එකතු කලා. දැන් මම මුලු එකතුව විදිහට $150ක්  දාල තියෙනව. Risk එකක් අරන් මම මාස 2-3ක් මගේ account එක 100%ක්ම ගොඩ නැගුවා… ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මම අන්තිමට $750ට වඩා TT3 එකෙන් ඉපයෙව්වා..

එහෙම හොයපු සල්ලි මම නිකරුනේ වියදම් කලේ නැහැ. තව තව අලුත් Revenue sharing sites වල මම ඒ සල්ලි යෙදෙව්වා…

ඊලගට මම අත තිබ්බෙ කාගෙත් හිත් දිනාගෙන, අද වෙනතුරුත් තාමත් කිසිම අව්ලක් නැතුව යන Revenue share එකකට. ඒකෙ නම ඉතින් අලුතෙන් කියන්න ඕනෙ නැහැ, හැමෝම වගේ දන්නව. මම Mypayingads (MPA) එකෙ Register වුනේ 2015 December 24. ඒත් සුපුරුදු පරිදිම වැඩට බැස්සෙ 2016 May 28. ලැජ්ජ නැහැ කියන්නෙ ඒකත් පටන් ගත්තෙ $5කින් කියහන්කො… එතකොටනම් මගෙ අතේ සල්ලි ටිකක් තිබ්බ. මොකද TT3 එකෙන් ඒ වෙද්දි මගේ ගමන යනවද නැද්ද කියන එක තීරණය කරලනෙ තිබ්බේ.. ඒත් ඉතින් බය කියන දේ මුල් උනා. ප්‍රධානම හේතුව උනේ “මම MPA පටන් ගන්න පරක්කුයි” කියල හිතපු එක. MPA නොකලට මම ඔය අතරෙ තව තව Revenue share කලා… ඒව ගැන ඉස්සරහට යද්දි කියවන්න හම්බ වෙයි. හිතෙයි යකෝ මූ නම්….,

කොහොම හරි මම 2016 June 29 වෙද්දි MPA එකට $385 දාලයි තිබ්බේ… මේවනම් ඉතින් මම මගේ අතින් වියදම් කරන් දාපු සල්ලිනම් නෙමෙයි. මමම උපයපු ඒව තමයි !!! සුපුරුදු පරිදිම රෝල ගහන එක පටන් ගත්ත. 100%ම රෝල ගැහුව. අදටත් මම MPA එකේ පොඩියට රෝල ගහගෙන යනවා… මේ වෙද්දි MPA එකෙන මම $770ක් වගේ උපයල තියෙනවා… තවමත් උපයන්නෙමි…

මම කලින්ම කිව්වනෙ MPA කරන්න පටන් ගන්න පරක්කු උනාට මම ඒ අතරෙ තව තව Revenue shares කලා කියලා… ඔන්න එහෙනම් ඒ අතරෙ කරපු Revenue share list එකක්,

  1. URS
  2. DDR
  3. TSG
  4. CD

ඔන්න එහෙනම් එකින් එක ගැන හරියටම අහගන්නකෝ… මට හරියටම තිතට වෙලාවට ඔක්කොම details නම් මතක නැහෑ… මතක විදියට කියන්නම්කෝ…

URS – හම්මේ, ඔය නම මතක් වෙද්දිත් නිකම් කින්ඩි හිනාවක් යනවා කියහන්කො… උඔල දැන් බලයි මොකක්ද මුට ගිය ආතල් එක කියල. ඕන් එහෙනම් ඒක ගැනත් මම කෙටියෙන් කියන්නම්කෝ… FaceBook එකේ තිබ්බ එක group එකක්, අදටත් ඒක තියෙනවා. එදා ඒ group එකේ නම නම් තිබ්බෙ Fiverr club කියලයි. ඒත් අද වෙනකොට ඒ club එකේ නම Online Entrepreneurs Club වෙලා තියෙනවා…. එහෙම වෙනස් වෙන්න මමත් එක හේතුවක් උනාද නැද්ද කියන්නනම් මම හරියටම කියන්න දන්නෙ නැහැ. මොකද URS නිසා මම ඔය club එක ඇතුලෙ ලොකු ආන්දෝලනයක් කලා. ඒ club එකේ නම Fiverr club විදිහට තියෙද්දියි මම ඒක කලේ… ඒකෙ හිටිය කට්ටියනම් කිව්වෙ club එකේ නම එකෙක්ට වෙනස් කරන්න දෙන්නෑ කියලයි. හැබයි එහෙම කියල වැඩි දවසක් ගියෙ නැහැ club එකේ නම වෙනස් උනාලුනේ… වෙනස් කරපු වෙලාවෙම මට වෙන තැනකිනුත් හිනා ගියා හැබැයි.  ඒක ඉතින් ඒ club එකේ ඉන්න කට්ටිය හොදටම දන්නෙවනේ… Revenue share කියන්නෙ අමුතුම, මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කන දෙයක් විදිහටයි අන්න ඒ club එකේ මිනිස්සු දකින්නේ… අනේ මන්ද ඉතින් ඒක උන්ගෙ කැමත්තනේ… මටනම් අදාලම නැහැ. ඕවයින් වැඩක් නැහැ, අපි දැන් ආයෙත් track එකට බහිමුකෝ… කලින් කිව්ව දේවල් commercial break එකකට කිව්ව කියල හිතා ගන්නකො… මොකද විරාමයකුත් එපැයි, නැත්තම් එපා වෙනවනේ…

මතක විදිහට මම URS කරන්න ගත්තෙනම් $250කින්. ඔන්න ඔය කාලෙ මට ටිකෙන් ටික කට්ටිය සෙට් වෙන්න ගත්ත. වැඩි හරියක්ම එළකිරි එකෙන් තමයි ඉතින්. හම්මේ එළකිරි එකේ නූල ඇරපු වෙලාවෙ ඉදන් යම් කාලයක් යනකම් අහපු කුණු කතා සහ කුණු බැනුම්. කොටින්ම කියනවනම් මගේ FaceBook link එකත් share උන්නා කියහන්කො… ආතල් නේ… එහෙම කියල මම වැ‍ටුනෙත් නැහැ. රතු කො‍ටුවෙ ඉදන් නිල් කො‍ටු ගණනාවක් වෙනකම් මගෙ therad එක ඉස්සරහට ගෙනාව. ඒක කොච්චර අමාරු වැඩක්ද කියල එළකිරි එකෙ ඉන්න උන් හොදටම දන්නවත් ඇතිනේ… කට්ටිය සෙට් උනාට, මම කවමදාවත් සල්ලි තන්හාවට හෝ කෙනෙක්ගෙන් commission ගන්න බලාගෙන කට්ටියව මේ වැඩ වලට සෙට් කර ගත්තෙනම් නැහැ. මූලික අවබෝධය දීල, එයාල RISK එකක් අරන් වැඩේ කරන්න කැමතිනම් විතරක් සෙට් කර ගත්තා. අදටත් මම ඒ දේ ඒ විදිහටම කරනවා…

මගෙන් අදටත් Revenue share ගැන අහන කෙනෙක්ට ප්‍රධාන වශයෙන් emails 2කක් ලැබෙනාවා… ඊට පස්සෙ තමයි ඉතින් ඉතුරු දේවල් කරනවනම් කියල දෙන්නේ… මොක්ද කරන්න යන දේගැන දැනගෙන අවබෝධයෙන් යන්න එපැයි…

  1. දැනගන්න, කියවන්න
  2. Revenue share වල කරන්න තියන දේ

ආයෙත් track එකට,

URS එකෙත් රෝල ගහල, මම එකෙනුත් $650ක් විතර උපයන්න ඇති. මට හරියටම ගාන මතකනම් නැහැ… ඔන්න ඔහොම රෝල ගගහ යද්දි,

ලක්ෂාන් අයිය මට දවසක් කිව්ව,
දැන් උඔ ඔය සෝඩා බෝතල් පස්සෙ ගියා හොදටම ඇති, මොකක් හරි stable Revenue share එකක් කරන්න ගනින් කියලා…

උඔලට දැන් ඒක ගොඩාක් තේරුනාලු නේ… ලක්ෂාන් අයියා කිව්වේ, Short term Revenue share නොකර, Long term Revenue share ඒවට බහින්න කියලයි… මමත් ඉතින් නාහෙට අහන්නෙ නැති ඩයල් එකක්නේ… මම කරන්නෙ මට ඕන දේවල් විතරයි. ඉතින් මම තව සෝඩා බොතලයක් පස්සෙ ගියාලු…

කෙලවීම,

DDR – මෙච්චර කාලයක් තිස්සෙ රෝල ගගහ එකතු කරගත්ත සල්ලි වලින් ටිකක්, මගේම මුරන්ඩුකම නිසා මම කෙලව ගත්තා… මම $150ක් විතර දාල DDR කියන Revenue share එක කරන්න ගත්තා… සති 2-3ක් ගියේ නැහැ site එක SCAM උනා. මම ඒ වෙද්දි account එක ගොඩනගමින් හිටියට, මගේ experience එකත් එක්ක මම ටිකක් නුවනක්කාර වැඩක් කරලයි තිබුනේ… ඒනිසා මට $80ක් විතර බේරගන්න පුලුවන් උනා. ඒත් ඉතින් $1ක් හරි නැති උනානම් එක පඩුවක්නේ…. ඔන්න ඔතනින් පාඩුවක් උනා.

CD – මම මුලින්ම සාපේක්ෂව ලොකු මුදලක් යොදවල පටන් ගත්ත Revenue share එක. සල්ලිත් දැන් අතේ තියෙන නිසාත්, මූලික ප්‍රාග්ධනයේ වැදගත්කම දන්න නිසාත්, ලෝභ නැතුව $500ම දාල වැඩෙට බැස්සා… මාස ගානක් රෝල ගැහුවා…. ඒත් මම අයෙත් මුදල් එලියට අදින්න පටන් ගන්න පරක්කු උනා… මට උපයගන්න පුලුවන් උනේ $492ක් විතරයි. එතනත් $8ක පාඩුවක් උනා. ඒ පාඩුව ගැනනම් දැන් බයවෙන්න දෙයක් නැහෑ… මොකද site එක අයෙත් වැඩ කරනවනේ… site එක වැඩ කියල ඔන්න කට්ටිය ආයෙත් අලුතෙන් සල්ලි දාල වැඩ පටන් ගන්නව නෙමෙයි හොදේ…

ආයෙත් නැගිට්ට,

TSG – තාමත් පාඩමක් ඉගෙන ගත්තෙ නැහැ. මොකද කෙල උනේ පොඩි ගණන්නේ… ඒ නිසා තව සෝඩා බෝතලේකට අත ගහල මගේ නැති උන සල්ලි ටික අයෙත් හොයාගන්න තීරණය කලා. මම TSG වලට බහින්නෙ $300කින් වගේ… දැන් කොල්ල හොදට පදන් වෙලා ඉන්න නිසාත්, කරන්න ඕනෙ මොනවද, කාලය කලමනාකරගන්නෙ කොහොමද කියලත් හොදටම දන්නවා… ඒ නිසා මම නියම වෙලාවෙදි මුදල් ආපසු ගන්න එක පටන් ගත්තා… TSG වලින් මම $850ක් විතර උපයන්න ඇති. ඒක නෙමෙයි වැදගත්ම දේ… මගෙ referralsල ඔක්කොම profit පිට profit කරල තිබ්බා… ඒ දැනුන සතුට. හම්මේ ඉතින්…

TSG  වලින් පස්සෙ මම සෝඩා බෝතල් පස්සෙ යන එක නැවැත්තුවා… ඒ වගේම මම තව එක දෙයක් කලා… මොකද මට කාගෙන්වත් referral commission එකක් ගන්න ඕන කමක් තිබ්බෙ නැහෑ… ඒකට මම පිලියමක් විදිහට group ව්‍යාපෘතියක් පටන් ගත්තා…

Revenue share අලුත්ම විදිහකට,

මේ විදිහට මම මුලින්ම කරන්න පටන් ගත්තෙ 10AdsPay කියන Long term Revenue share එක. මේ වෙද්දිත් කට්ටිය TSG වලින් profit කරල තිබ්බ නිසා, මන් ගැන හැමෝටම තිබ්බෙ ලොකු විශ්වාසයක්. අන්න ඒ විශ්වාසෙට නියම යුතුකමක් කරන්න බලාබොරොත්තුවෙන් මම මේ වැඩේට අත ගැහුවා. මොක්ද මුලික ප්‍රග්ධනයේ වැදගත්කමත් මම මේ වෙනකොට හොදටම දැනගෙන හිටියා… 10Adspay වලට $1050ක් දාල ඔන්න කට්ටියම වැඩ පටන් ගත්තා…. සාමජිකයින් 10යි. මේ වෙනකොට 10Adspay වලින් මම $480ක් වගේ අරන් තියෙනවා… තව ඉස්සරහට මුදල් එලියට ගනීවි. හදිස්සියක් නැහැ… දැන් තියෙන ප්‍රශ්නෙ කොහොමද සල්ලි කට්ටියට දෙන්නෙ කියලනේ… ඒ ගැන වද වෙන්න එපා, මං ගාව ඒවට විසදුම් තියෙනවා… කලින්ම කියල තිබ්බනේ… තමන් කරන වැඩේ තෙරුමක් ඇතුව, ඉලක්කයක් තියන් කරන්න කියලා… Profit කරාට පස්සෙ ඉතින් සාමජිකයින් අතරෙ ඒ මුදල් බෙදල දානවා…

මොකද මට ඕන වෙලා තියෙන්නෙ referral commission ගන්න නෙමයි. අපේ මිනිස්සුන්ව ගොඩ දාන්නයි, Revenue share ගැන අපේ මිනිස්සුන්ට තියෙන වැරදි ආකල්පෙ නැති කරන්නයි…
මොකද Revenue share වලින් ගොඩයන්න අනුන්ගෙ සල්ලි අවශ්‍යම නැහෑ… තමන්ට උනත් උවමනාවක්, කැපවීමක් තියෙනවනම් ලොකු ගමනක් යන්න පුලුවන්… හොදම උදාහරණෙ තමයි ඉසංක කියන චරිතය.

ඊළගට මම කරන්න ගන්නෙ My24hourincome කියන Long term Revenue share එක. ඒකනම් පටන් අරන් තාම මාස 3ක් නැහෑ… පටන් ගත්තෙ $2715ක් දාලයි. මම කිව්වනේ මිනිස්සුන්ව මම ගොඩක් හම්බ කර ගත්ත කියලා…. නැත්තම් කොහෙවත් යන එකෙක්ට $2715ක් වෙනකම් සල්ලි දෙන්න ඒ මිනිස්සුන්ට කිසිම අමාරුවකුත් නැහැනේ, ඒ මිනිස්සුන්ගෙ කොහේවත් කහන්නෙත් නැහෑ… සාමජිකයින් 19යි. මේ වෙද්දි My24 එකෙන් $2250ක් විතර අරගෙන තියෙනවා… ඉදිරියෙදි ඉක්මණින්ම My24 එකෙනුත් profit වලට යන්නයි මම plan කරල තියෙන්නේ… ඒ profit අදාල සාමජිකයෙන් අතරෙ නිසි පරිදි බෙදිල යයි..

ඒවගේම මම මේ වෙද්දිත් €1600ක වගේ Dascoin අරන් තියෙනවා… මේක මම ගත්ත ලොකුම ලොකු RISK එකක්. බලමු… මොකද අනාගත්යේදී, Dascoin පදනම් කරගෙන ලොකු කතාවක් ලියන්නත් වෙයි…

Taking RISK is one of my habit. I love it !!!

මේ වෙනකම් මම මගෙ අතින් වියදම් කරල තියෙන්නෙ $150. ඊට වඩා හොයලනම් තියෙනවා… ඒක ඉතින් උඩ ඉදන් කියවන් එන ඔයාට මම අලුතෙන්ම කියන්න ඕනෙ නැහැනේ… මේ ලගකදි මම මගේම සල්ලි වලින් iPhone 7 plus එකකුත් ගත්තා… වැඩිය ගියෙ නැහෑ… Rs. 185,00/- විතර ගියා හැබැයි.

issa-iphone

මම ඒදේ කිව්වෙ කිසිම ලොකු කමකටනම් නෙමෙයි… ඒ වගේ දේවල් කරන්න පුලුවන් කියල පෙන්නන්නයි. මොකද සිරිලංකාවසීන් මේ දේවල් දිහා බලන්නෙ අමුතුම විදිහකටනේ… කොටින්ම කියනවනම් කට්ටියට මැජික්.

පටන් ගද්දි ඕනම දෙයක් අමාරුයි තමයි. ඒත් කවදාවත් වැටෙන්නෙ නැතුව, එකම තැන පල් වෙන්නෙ නැතුව, අවදානමක් අරන් තමන්ගෙ ගමන ගොඩ නගන එකයි වැදගත්ම !!!

මේ field එකට එනවනම්, අනිවාර්යයෙන්ම කට්ටියගෙන් කුණු කතා අහන්න බලගෙනම එන්න..

කට්ටිය කියයි උඔ ඔය එක එකාගෙ සල්ලි වලින්නෙ ඔහොම දේවල් කරන්නෙ කියල, ඒ කියන්නෙ referral commission වලින් කියන එකනේ… මම දන්නව මම එහෙම කරන්නෙ නැහැ කියල. ඒක මගෙත් එක්ක ඉන්න මගේම referralලත් හොදටම දන්නව. ඒදේ මට හොදටම ඇති.

කවුරුහරි තමන්ට එහෙම ඇගිල්ලක් දික් කරනවනම් තමන් සතු‍ටු වෙන්න. මොකද ඔයා එහෙම දෙයක් අහන්නෙ තමන්ට හොද Marketing හැකියාවක් තියෙන නිසයි. මොකද එහෙම කාගෙන්වත් බලෙන් සල්ලි ගන්න බැහැනේ… තමටන්ට එහෙම හැකියවාවක් තියෙනව කියල අදුර ගත්ත ගමන් ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. එතකොට තමන්ට ඇගිල්ල දික් කරපු අයට කවමදාක හරි ඒක දැනෙයි. තමන් success වෙලා ඒකෙන තමන්ට මඩ ගහන කෙනාව වට්ටන්න.

$50කින් පටන් ගත්ත ගමන, අද වෙද්දි මම ගොඩක් දුර ගිහින් තියෙනවා… සල්ලි වගේම මම ගොඩාක් මිනිස්සුන්වත් හම්බ කරල තියෙනව. ඒගැන දැනෙද්දිත් සිතට දැනෙන්නෙ පුදුම සතුටක්. ඒ සතුට කොච්චර සල්ලි තිබ්බත් ලබාගන්නම් බැහැ.

මේ ලගකදි මගෙත් එක්කම මේ field එකට ආපු මල්ලි කෙනෙක් මගෙන් ඇහුව, අහ් දැන් ඉසංක අයියට හරි ගිහින් නේද කියල.

ඇත්තටම කිව්වොත් මට හරි ගිහින් තමයි. එහෙම හරි ගියෙ නිකම් ඉදලනම් නෙමෙයි හැබැයි.
උනන්දුවයි, කට්ට කෑමයි, අවදානම් ගැනීමයි තමයි ප්‍රධානම රහස. කවුරු මොන විදිහට තමන්ව විවේචනය කලත්, තමන් කරන්නෙ හරි දෙයක් කියල තමන්ගෙ හිත දන්නවනම්, කවමදාවත් පසු තැවි තැවි ඉන්නනම් එපා…. එහෙම උනොත් තමන් පරාදයි. හැමදාම අනුන්ට හූල්ල හූල්ල හිටිය වගේම එකම තැන තමයි ඉන්නත් වෙන්නෙ…

මම ආපු ගමනෙ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෙ පිරිසක් ඉන්නව. ප්‍රධාන කෙනාවනම් ඉතින් ඔයාල මේ වෙනකොටත් දන්නවනේ… තව ප්‍රධානම තුන්දෙන්නෙක් ඉන්නව. මගෙ ජීවිතේ හම්බුන සොදුරුම මිනිස්සු.

  1. දිනුක අයියා – මට blog සම්බන්දයෙන් හැමදෙයක්ම කියල දුන්නෙ එයා තමයි. ඇත්තටම මේ blog එකෙත් නියම අයිතිකරු එයයි.
  2. ලක්ෂාන් අයියා – මට අදටත් නොදන්න හැම දෙයක්ම කියල දෙන්නෙ එයා තමයි. සරුසාර සහ තිරසාර කියන sites වල නියම අයිතිකරු. ඒවගේම මම ඉන්න field එකෙත්, trading සම්බන්ධවත් මනා අවබෝධයක් තියෙන පුදිගලයෙක්. අද මම මගේ කතාව ලියන්න ප්‍රධානම හෙතුවත් ඔහු තමයි ඉතින්.
  3. නලීන් – මගේ මේ ගමනෙදි, මට මේ වෙනකම් හම්බුනේ නැති chance එකක් මට අරන් දීපු පුද්ගලයෙක්. ඒවගේම තාමත් මගේ යටතෙ මේ දේවල් සම්බන්ධයෙන් ඉගෙනත් ගන්නවා.

අද ඉදන්වත් මෙහෙම හිතා ගන්න,
මගේ අනාගතේ කාටවත් බරක් නොවී මමම හදාගන්නවා !!!

ඒ දේ එහෙම කරගන්න අද ඉදන්ම වැඩ පටන් ගන්න. හෙටට කල් දාන්න එපා… එහෙම උනොත් හැමදාම ඉතින් බාලගිරි තමයි.

හැමෝටම ජය !!!



2 thoughts on “මම ගැන.

  • July 5, 2017 at 11:07 pm
    Permalink

    Oyawa ela kollek oyage adahas godak watinawa apita.oyawa contact karanna vidiyak kiyanna puluwan nan watinawa .

    Reply
    • July 5, 2017 at 11:33 pm
      Permalink

      Mata FB eken ona welawaka message karanna 🙂

      Jaya wewa !!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *